Saturday 8 March 2014

මේ ටික සිතට ගන්න !!!


දෙමාපියන්ගේ වගකීම විය යුත්තේ තම දරුවන් සඳහා මාර්ගයක් කපා පෙන්වීම නොව, මාර්ග දැක්වෙන සිතියමක් ලබාදීම යන අදහස වසර ගණනාවකට පෙරදී මා කියවා ඇත.එහෙයින් මගෙ පුත් ඇඩම්, විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා පිටව යන අවස්ථාවේදී ඔහුට මගෙන් ලැබිය යුතු උපදෙස් යැයි මට සිතුණු දෑ රළු කඩදාසි පොතක සටහන් කොට තැබීමි. මවත් මාත් විශ්වවිද්‍යාල නේවාසිකාගාරයට ඇඩම් ඇරලවා එන අවස්ථාවේදී මේ රළු කඩදාසි පොත ඇඩම්ට භාර දුනිමි.
දින කීපයකට පසුව මගේ පුත් ඇඩම් මා ඇමතීය.
අප්පච්චි, එදා ඔබ මට දුන්න පොත මට මෙතෙක් ලැබුණු හොඳම පොත්වලින් එකක්.මම ඒකට තව අදහස් එකතු කරන්න බලාපොරොත්තු වෙනවා.අනාගතයේ යම් දවසක මම ඒ පොත මගේ පුතාට තෑගි දෙනවා.
කවදා හෝ දිනක අපගේ ජීවිතයේ අතිශයින් වටිනා මිල කළ නොහැකි තරම් චෛතසික උද්දීපනයක් ලබාදෙන අවස්ථා බිහිවෙනවා ඇත.මුළු මහත් චිත්ත සන්තානයම ඉන් ඒකාලෝක විය හැක.එවන් අවස්ථාවක් මම ලබා ගතිමි.

රළු කඩදාසි පොතක මා ලියූ වචන මලාව පහත වෙයි.

  • ඔබ අදහන ආගම හා සම්බන්ධ ධර්ම පුස්තකයක් වසරක් ගෙවා හෝ මුල සිට අග දක්වාම කියවන්න.
  • හොඳින් සවන් දෙන්න පුරුදු වන්න.ජීවිත වාසනවේ ප්‍රස්තාව සමහරවිට තට්ටු කරන්නේ ඉතා සෙමින්ය.
  • කෙනෙකුගේ බලාපොරොත්තු කිසි දිනක එම තැනැත්තාට අහිමි නොකරන්න.ඔහුට හෝ ඇයට ඇති එකම බලාපොරොත්තුව එය විය හැක.
  • භවභෝග සම්පත් සඳහා නොව ප්‍රඥාව සහ ආත්මශක්තිය ලබාගැනීමට යාඤා කරන්න.
  • යහපත් ඉරියව්ව්කින් සිටින්න.තැනකට ඇතුළු විය යුත්තේ අවශ්‍යතාවක් සහ විශ්වාසයක් ඇතිවය.
  • සෙනඟ ගැවසෙන තැනකදී ව්‍යාපරය ගැන කතා නොකරන්න. කවරකු ඒවා අසා සිටිත්දැයි ඔබ නොදනී.
  • යම් කාර්යයක් අවසාන වන්නට පෙර ඒ සඳහා ගෙවිය යුතු මුදල නොගෙවන්න.
  • පූර්ණ යුද්ධය ජයග්‍රහණය ලබාගැනීම සඳහා එක් සටනක පරාජය භාර ගැනීමට මැළි නොවන්න.
  • ඕපාදූප කතා නොකරන්න.
  • තමන්ට නැතිවන්නට කිසිවක් නැතැයි කියන අයගෙන් ප්‍රවේසම් වන්න.
  • දුෂ්කර කාර්යයක් ඇතිවිට, එය අසාර්ථකවීම සිදුවිය නොහැකිය යන අදහසින්ම කටයතු කරන්න.
  • තමා ගැන ලඝුකොට නොසිතන්න.යමක් ප්‍රතික්ෂේප කරනවිට එය ආචාරශීලීව මෙන්ම ඉක්මණින් කරන්න.
  • ජීවිතය නිතරම සුන්දරයි, සතුටුදායකයි කියා නොසිතන්න.සමාවදීම තුළ ඇති බලශක්තිය අවතක්සේරු නොකරන්න.ගැටලුව යන වචනය වෙනුවට වාසනාවේ ප්‍රස්තාව යන වචනය යොදාගන්න.
  • බිරිඳ සමඟ අමනාප වූ කිසි දිනෙක ඒ නිසා නිවස හැර නොයන්න.

0 comments:

Post a Comment