ඇමරිකා එක්සත් ජනපදයේ 16 වන ජනාධිපතිවරයා(1861-1865) වූ ඒබ්‍රහම් ලින්කන් ලොව මෙතෙක් සිටි ශ්‍රේෂ්ඨ රාජතාන්ත්‍රිකයන් අතරින් එක් අයෙකි.මෙම ලිපිය මගින් කිසිවකුට ද්වේෂ නොකලාවූද, සියල්ලන් කෙරෙහි කාරුණික වූද පුද්ගලයකු සංකේතවත් වේ

"සෑම හතුරෙකුටම මිතුරකු ඉන්නා බව ඔහුට උගන්වන්න. ඒ සඳහා කාලයක් යන බව මම දනිමි. එහෙත් හැකිනම් ඔහුට උගන්වන්න. උපයා ගත් ඩොලරයක් අහුලාගත් ඩොලර් පහකට වඩා ඉතා වටිනා බව ඔහුට උගන්වන්න. ඔබට හැකිනම් ඊර්ෂ්‍යාවෙන් ඔහුව මුදවා ගන්න. නිහඞව සිනාසීමේ රහස ඔහුට කියාදෙන්න. වඩාම පහසුවෙන් යටත් වන්නේ චණ්ඩියන් බව ඔහුට කල් නොයවා ඉගෙනීමට ඉඩ සලස්වන්න. ඔබට හැකිනම් ඔහුට උගන්වන්න පොත්වල අසිරිය. එහෙත් අහසේ සරන සියොතුන්ගේ, හිරු එළියේ සරන විහඟුන්ගේ හා නිල්වන් කඳුකරයේ පිපෙන මල් වල අසිරිය ගැන සිතන්නට ඔහුට නිසංසල කාලය ලබා දෙන්න."
"ඔබට හැකිනම් ඔහුට උගන්වන්න, දුකේදී සිනසෙන්නෙ කෙසේද කියා. කඳුල ලැජ්ජාවට කරුණක් නොවන බව ඔහුට උගන්වන්න. හැම දේකම වැරදි සොයන්නන්ට සමච්චල් නොකොරීමටත්, වැඩි ඇඟුලුම් කමින් ප්‍රවේශම් වීමටත් ඔහුට උගන්වන්න. සිය ශ්‍රමයත් දැනුමත් ඉහළම ඉල්ලුම් කරුවන්ට අලෙවි කිරීමට ඔහුට උගන්වන්න. එහෙත් කිසිදා සිය හදවතට හා ආත්මයට මිලක් නියම කිරීමට ඔහුට උගන්වන්න එපා. රංචු ගැසී බෙරිහන් දෙන ප්‍රකෝපකාරීන්ගේ හඬට සවන් නොදීමටත්, තමන් හරියැය් සිතන දේ වෙන් වෙන් නැගී සිට සටන් කිරීමට ඔහුට උගන්වන්න."
"ඔහුට කරුණාවෙන් සලකන්න. එහෙත් ඔහුව හුරතල් නොකරන්න, මන්දයත් ගිනි උඳුන තුල පදම් නොකර ඉස්තරම් වානේ සෑදීමට නොහැකි නිසාය. නොඉවසිලිවන්ත වීමට අවශ්‍ය ධෛර්‍ය ඇති කර ගැනීමට ඔහුට ඉඩ දෙන්න. එඩිතර බව සඳහා අවශ්‍ය ඉවසිලිවන්ත කම ඇති කර ගැනීමට ඔහුට ඉඩ දෙන්න. තමන් කෙරෙහිම භක්ත්‍යාදරයක් ඇති කර ගැනීමට ඔහුට උගන්වන්න. මන්දයත් එවිට මුළු මනුෂ්‍ය වර්ගයා කෙරෙහිම භක්ත්‍යාදරයක් ඔහු තුල හට ගන්නා බැවිනි".
0 comments:
Post a Comment