Saturday 6 September 2014

White-collar crime

White-collar crime refers to financially motivated nonviolent crime committed by business and government professionals.[1] Within criminology, it was first defined by sociologist Edwin Sutherland in 1939 as "a crime committed by a person of respectability and high social status in the course of his occupation." Typical white-collar crimes include fraud, bribery, Ponzi schemes, insider trading, embezzlement, cybercrime, copyright infringement, money laundering, identity theft, and forgery.

Tuesday 8 April 2014

මහාචාර්ය නන්දසේන රත්නපාල






මැරෙන බව දැනගෙන ජීවත් වන මිනිසුන් අඩුය. උගතුන් යෑයි කියාගන්නා බොහෝ අය ද ජීවත් වන්නේ කිසිදා නොමැරෙන උජාරු මිනිසුන් ලෙසය. එහෙත් ඒ උගත්හු ඥානවන්තයන් මිස ප්‍රඥාවන්තයෝ නොවෙයි. ඥානවන්ත මිනිසුන් දහස්‌ ගණනින් බිහිවන සරසවියෙන් ප්‍රඥාවන්තයකු නිර්මාණ වන්නේ කලාතුරකිනි. ප්‍රඥාවන්තයා තම ලත් දැනුමින් තමාට මෙන්ම අනුන්ට ද වැඩදායක මෙහෙවරක්‌ කරමින් සතුටු වෙයි. තමන්ගේ අඹු දරුවන් පෝෂණය කිරීම තරමට තමාට ඉගැන්වූ මේ රටේ ජනතාවගේ ජීවිතය සම්බන්ධව තමාගෙන් යම් වැඩ කොටසක්‌ සිදු විය යුතු යෑයි තරයේ විශ්වාස කරයි. එම උතුම් විශ්වාසය අධිෂ්ඨානයක්‌ කරගෙන ජීවත් වෙයි. හැකි හැම විටම ඒ සඳහා කැපවෙයි.

අදින් තුන් වසරකට පෙර ජාතියෙන් සමුගත්තේ එබඳු විරල ගණයේ ප්‍රඥාවන්ත මිනිසකු ලෙස සම්මානිත මහාචාර්ය නන්දසේන රත්නපාලයන් මම දකිමි. එතුමා මානව හිතවාදී සහ විශ්වාන්තරවාදී විද්වත් මහාචාර්යවරයෙකු වූයේ ලබාගත් උපාධි හා ගරු සම්මානයන් නිසාම නොවේ. තමාගේ දැන උගත්කම් සමාජ දියුණුවට යොදා ඒ සඳහා අවංකවම කැපවීමෙනි.

නන්දසේන රත්නපාල මහාචාර්යතුමා මෙලොව උපත ලැබුයේ 1935 මැයි 09 වන වෙසක්‌ පුරපසළොස්‌වක පෝ දිනය. බණ්‌ඩාරවෙල කුරුකුදේ නමැති පිටිසර ගමේ පාසල එතුමාගේ මුල්ම පාසල විය. එහි නිර්මාතෘ සහ ආරම්භක විදුහල්පති වෙමින් ඌවේ පාසල් රැසක්‌ම ආරම්භ කළේ කීර්තිමත් විදුහල්පතිවරයකු වූ එතුමාගේ පියාණන් බව ප්‍රසිද්ධ කරුණකි. නන්දසේන රතනපාල පොත් කියෑවීම ආරම්භ කළ එම පාසලේ එතුමා පොත් සුරැකිව තබා ගත් ලී පෙට්‌ටිය අද ද දක්‌නට තිබීම විශේෂත්වයකි. අද එහි දක්‌නට ලැබෙන්නේ එතුමාගේ හිතවතුන් විසින් නවීකරණය කොට දියුණු කළ මහාචාර්ය නන්දසේන රත්නපාල අනුස්‌මරණ පුස්‌තකාලයයි. අතට හසුවුණ සෑම දෙයක්‌ම කියවීම කුඩා අවදියේ පටන්ම එතුමාගේ විනෝදාංශය වූ අතර පසු කලෙක පානදුරේ ශාන්ත ජොන් විදුහලේ සහ කොළඹ රාජකීය විදුහලේ පුස්‌තකාලවල හරි අඩකට වඩා පොත් කියවීමට නන්දසේන රත්නපාල තරුණ ගැටවරයාට හැකියාව ලැබිණි. එතුමාගේ කියෑවීම වඩාත් මුවහත් කළේ පේරාදෙණිය විශ්වවිද්‍යාල පුස්‌තකාලය බව නන්දසේන රත්නපාලයන් නිතරම පැවසූ අදහසකි. පේරාදෙණිය පුස්‌තකාලයට දණ ගසා වැඳීAමට මා කැමතියි" යන්න නිරතුරුවම රත්නපාලයන් කියූ අයුරු මට මතකය.

සියබස්‌ මතුර නම් තමාගේ මුල්ම කෘතියේ සිට "මනුෂ්‍ය ප්‍රේතයකුගේ කථාව" නම් අවසාන කෘතිය දක්‌වා පොත් 168 ක්‌ පමණ ලිවීමට එතුමෝ සමත් වූහ. එහෙත් රත්නපාල පොතේ උගතෙකු වූයේ නැත. පොතට සීමා වූ දැනුම ඉක්‌මවූ ප්‍රායෝගික මිනිසෙකු විය. ඒ නිසාම දැනුම සමාජයේ යහපතට යෙදීමට මුළු ජීවිතයම කැප කළේය. නන්දසේන රත්නපාල චරිතය සෙසු විශ්වවිද්‍යාල උගතුන් ගෙන් වෙන්ව වෙනස්‌වන ප්‍රධානම ලක්‍ෂණය එය යෑයි කිව හැකිය. කෙටියෙන් කියතොත් නන්දසේන රත්නපාල මහාචාර්යවරයා, වචනාර්ථයෙන්ම තම ජීවිතයෙන් මෙරට ජනතාවට යමක්‌ කළ යුතුය යන්න තරයේ විශ්වාස කර එය සිය ජීවිතයෙන් පෙන්වා දුන් උදාර ගුරුවරයෙකි. තම සතු දැන උගත්කම්, ඥානය සහ සමාජ සබඳතා සියල්ල එතුමා යෙදවුයේ තමාට හෝ තම පවුලේ උවමනාවන් ඉටුකර ගැනීමට වඩා තමාගේ උපකාරය පතා තමා හමුවට ආ නන්නාඳුනන පුද්ගලයන්ගේ සාධාරණ ඕනෑ එපාකම් ඉටුකර දීමට වීම විශේෂයකි. අගනුවර ඉංග්‍රීසි කතා කරන එක්‌තරා සුපිරි පැළැන්තියකට පමණක්‌ සීමා වී තිබූ සමාජ විද්‍යාව අද පොදු ජන සමාජයේ ජනප්‍රිය දැනුම් වේදයක්‌ වී ඇත්තේ එතුමාට පින් සිදුවන්නට ය. එතුමා මෙරටට හඳුන්වාදුන් අලුත් සමාජ විද්‍යා සම්ප්‍රදාය මුළුමනින්ම දේශීය අවශ්‍යතා සහ ආකල්ප පදනම් කර ගත්තක්‌ බව නොබියව කිය හැකිය. එදා එතුමාගේ සමාජ විද්‍යාව ශාස්‌ත්‍රීය නැතැයි කියූ අයට සිංහල රටට ගැලපෙන ශාස්‌ත්‍රීය සමාජ විද්‍යා සම්ප්‍රදාය ගොඩනගා ගැනීමට තවමත් හැකි වී නැත.

සමාජ විද්‍යාව තරමටම මානව විද්‍යාවත්, අපරාධ විද්‍යාවත්, පොදුජන අවශ්‍යතාවන් හා ගැළපෙන පරිදි අපේ විශ්වවිද්‍යාලවලට හඳුන්වා දීමට පුරෝගාමී වූයේ අන් කවරකුවත් නොව නන්දසේන රත්නපාල මහාචාර්යතුමා බව මුළු රටම දන්නා කරුණකි. එතුමා මෙරටේ නිර්මාණාත්මක සාහිත්‍යය වෙනුවෙන් කළ අපිරිමිත මෙහෙය ගැන බොහෝ දේ ලියවී ඇත. ඒ සියල්ලම අතරින් මතු වී එන්නේ එක අදහසකි. ලියන්නට හැකි අයෙක්‌ ලේඛකයෙකු කරන්නට හොඳ මිනිසෙකු උදාර මිනිසෙකු කරන්නට එතුමා කළ අපරිමිත කැපවීමයි. ඒ නිසාම බිහි වූ උදාර ගුරුවරු, මහාචාර්ය ආචාර්යවරු, ලේඛකයන්, කවීන්, කෙටිකථා, කරුවන්, නිමක්‌ නැත. එය නන්දසේන රත්නපාල මහතා ලැබූ සුවිශේෂී ජයග්‍රහනයකි. සිඟන්නන්, ගණිකාවන්, ගැටකපන්නන් මෙන්ම වීදි දරුවන් ද ඔවුන්ගේ සැබෑ ජීවිතය ද ඇසුරින් එතුමා කළ සමාජ පර්යේෂණ ගැන මුළු රටම දනී. එහෙත් ඒවා කරනු ලැබුවේ විදේශ රජ්‍ය නොවන සංවිධානවලින් මුදල් ලබා ගැනීමේ අරමුණින් නොවන බව දන්නෝ අල්ප විය හැක. බහුතරයකට නොතේරෙන බසකින්, පර්යේෂණ වාර්තා යෑයි කියමින් කුමක්‌ හෝ ලියා දිළිඳුකම ගැන පර්යේෂණය කරමින් ඇතැම් අය ධනවතුන් වෙද්දී, නන්දසේන රත්නපාල දිළින්දන් ගැන සොයන තරමටම මිනිසා දුප්පතෙක්‌ බවට පත් කරනු ලබන හේතු මුලිනුපුටා දමන්න යෑයි ද හඬ නගා පැවසූ සමාජ විද්‍යාඥයෙකි. "හිඟන්නකු" වූ එතුමා හිඟන සමාජයේ දී තමා අත්දුටු දෑ මුදලට විකිණීම නොකර හිඟනකම නැති කිරීමට ප්‍රායෝගික ක්‍රියාමාර්ගයක්‌ ගත් සමාජ විද්‍යාඥයෙකි. ගණිකාවන් දෙස පිළිකුලෙන් බැලීමට වඩා ගණිකාවන් නිර්මාණය කරන බලවේග සොයා දැන ගැනීම අවශ්‍ය බව හඬ ගා කිව් සමාජ විද්‍යාඥයෙකි.

අපේ රටේ ගණිකාවන් කොතරම් සිටිනවාද යන්නත්, ඔවුන්ගේ වැඩිවීම ඉදිරියේදී කොතරම් වනු ඇත්දැයි නිවැරදිව පුරෝකථනය කරමින් මේ මහා සමාජ උවදුර කල්තියා කරුණාවෙන් පෙන්වා දුන් සමාජ විද්‍යාඥයෙකි. පර්යේෂණය වැඩි දෙනෙකුට නොතේරෙන භාෂාවකින් සිදු නොකළ යුතු බවත්, පොදු ජනයාට තේරෙන සරල සිංහලයෙන් පර්යේෂණ ක්‍රමවේද ඉදිරිපත් කළ හැකි බවත් විශ්වාස කළ සමාජ විද්‍යාඥයෙකි. පර්යේෂණය මහා අපූරු විඡ්ජාවක්‌ ලෙස පෙන්වා මුදල් උපයන අයට එතුමාගේ "සමාජ විද්‍යා පර්යේෂණ මූලධර්ම" පොත මනුස්‌සකම රැකගෙන රටට සමාජයට වැඩක්‌ කරමින් පර්යේෂණය කරන හැටි උගන්වයි. අද සමාජ විද්‍යා පර්යේෂණ පිළිබඳව නවතම කෘති රැසක්‌ බිහිවි ඇත. එහෙත් අතිශයින් දිළිඳු සිංහල සමාජ විද්‍යා සාහිත්‍යයක්‌ මෙරටේ පැවති යුගයක නන්දසේන රත්නපාල මහතාගේ පුරෝගාමී මෙහෙවර අමතක කළ නොහැක.

නන්දසේන රත්නපාල මෙරට සමාජ සංවර්ධනයේ දීප්තීමත් යුග චරිතයක්‌ ලෙස දැන් ඉතිහාසයට එකතු වී අවසන් ය. එතුමා තුළ දයාබරිත අනුග්‍රහශීලීත්වය නිරාමිෂ ශාස්‌ත්‍ර දානය, අප්‍රතිහත කැපවීම පහසුවෙන් අමතක කළ නොහැකි අමරණීය මතක සටහන් ලෙස බොහෝ දෙනෙක්‌ තුළ ශේෂ වී ඇත. එබඳු තත්ත්වයන් දිනාගත හැකි මිනිසුන් අතිශයින් විරලය.

කෙසේ වුවද නන්දසේන රත්නපාල නම් වූ උදාර මිනිසා දැන් අප අතර නැත. එතුමාගේ අනපේක්‍ෂිත අභාවයෙන් ඇති වූ හිදැස පහසුවෙන් පිරවිය හැක්‌කක්‌ ද නොවන බව ඒ සමගම කිව යුතුය. සේවයට කැපවූ, දුක දරා ගනිමින් ඉදිරියට ගිය, සේවය කිරීමෙන් සතුටක්‌ ලැබූ නන්දසේන රත්තපාලයන්ට කරන විශිෂ්ට උපහාරය අපේ විශ්වවිද්‍යාලවලින් තව තවත් නන්දසේන රත්නපාල වැනි උදාර මිනිසුන් බිහි කිරීමට අවශ්‍ය පසුබිම සැකසීමය. මුදල්වලට මිල දී ගත නොහැකි සැබෑ මිනිසුන් නිර්මාණය කිරීමය. මෙරටේ පොදු ජනයාට ආදරය කරන බුද්ධිමතුන් ඇති කිරීමය. අපේ විශ්වවිද්‍යාලවලින් සැබෑ ලෙසට නන්දසේන රත්නපාලලා තවදුරටත් බිහි වෙයි ද? එය එසේ වේ නම් එයට වඩා උපහාරයක්‌ එතුමාට තවත් අවශ්‍ය නැත.
ආචාර්ය දයා අමරසේකර
පේරාදෙණිය විශ්වවිද්‍යාලය.  source- tharunayaweb.lk
Read more...

Thursday 13 March 2014

Malaysia Airlines Flight 370: Is There a Bermuda Triangle Connection?




As officials from several countries, and dozens of planes and boats, scour the South China Sea and the Bay of Bengal for the mysteriously missing China-bound Malaysia Airlines Flight MH370 with 239 people aboard, some people are wondering if there might be some connection to the Bermuda Triangle.
It was inevitable that the disappearance would evoke comparisons to the infamous supposed patch of water into which ships and planes are said to vanish without a trace. Several days ago, a Malaysian politician tweeted, "New Bermuda Triangle detected in Vietnam waters, well-equipped sophisticated devices are of no use!" This outraged many people, who deemed his comments insensitive, and he later apologized.

Read more...

Saturday 8 March 2014

තීරණ ගන්න ඔබත් බයද?




ඇමෙරිකාවේ හිටපු ජනාධිපතිවරයෙක් වුණු රොනල්ඩ් රේගන් අවුරුදු 7ක 8ක පුංචි ළමයෙක් කාලෙදි ඔහුට සපත්තු දෙකක් හදාගන්න වුවමනා වෙලා තිබුණා. ඉතිං ඔහු මේ සඳහා සපත්තු නිෂ්පාදකවරයකු ළඟට ගියා. තමන්ගේ කකුලේ ප්‍රමාණයත්, සපත්තුව නිර්මාණය කළ යුතු හැඩරුවත් තෝරලා දීපු රොනල්ඩ් රේගන් කියන මේ දරුවා සපත්තු දෙක මසා නිම කරන්න කියලා නියම කරන ගමන් ආපසු එන්න හැරුණා. පියවර කීපයක් යද්දීම සපත්තු නිෂ්පාදනය කරන වෙළෙඳසල් හිමියා මේ දරුවට අත්පුඩියක් ගසා නැවත පැමිණෙන ලෙස සංඥා කළා.

'සපත්තුවේ මිම්මත් හරි, හදන්න කියපු මාදිලියත් හරි, ඒත් දරුවා ඔබ සපත්තුවේ අඩිය කොහොම වෙන්න ඕනද කියලා කිව්වේ නැහැනේ.'
'ඔයා ළඟ මොන වගේ අඩිද තියෙන්නේ?'
මේ පුංචි දරුවා වෙළෙඳසල් හිමියාගෙන් පෙරළා ප්‍රශ්න කළා.
'අපි ළඟ හතරැස් අඩියි රවුම් අඩියි දෙකම තියෙනවා.'

මඳ වේලාවක් කල්පනා කරපු රොනල්ඩ් රේගන් දරුවට ඒ වෙලාවේ තීරණයකට එන්න බැරි වුණා.
'මම ලබන සතියේ ඇවිත් කියන්නම්. ඉතිරි ටික හදලා තියන්න.'
සතියකට පස්සේ රොනල්ඩ් රේගන් නැවතත් සපත්තු හදන්නා මුණගැහෙන්න යනවා.
'මොකක්ද දාන්න ඕන අඩිය? ඉතිරි ටික නම් හදලා ඉවරයි දරුවා.'
'ඒක මට තවම තීරණය කරන්න බැරිවුණා. මම ආයේ සතියකින් එන්නම්කෝ.'

මෙහෙම කියාගෙන සාප්පුුවෙන් ආපු මේ දරුවා තුන්වැනි සතියෙත් සපත්තු වෙළෙන්දා සොයාගෙන යනවා.
'මම මේ මඟදිගටම බලබල ආවේ මොන විදියද කියලා හොඳ. අදත් මට හරි තීරණයකට එන්න බැරි වුණා. එන සතියේ අනිවාර්යයෙන්ම හොඳ විදියක් මම කියන්නම්.'
සිවුවැනි සතියේ රොනල්ඩ් රේගන් දරුවා සපත්තු සාදන්නා ළඟට ගියේ සපත්තුවට දාන්න ඕන අඩිය මොනවගේ වෙන්න ඕනද කියන තීරණයත් අරගෙන.
'නෑ.... දැන් ඔබ පරක්කු වැඩියි දරුවා. ඒ නිසා මම තීරණයක් ගත්තා. ඔබේ සපත්තු දෙකෙන් එකක අඩිය රවුමටත් අනික් සපත්තුවේ අඩිය හතරැස්වටත් සාදා නිම කරලා තියෙනවා.'

මේ කතාව ඇමෙරිකා එක්සත් ජනපදයේ විශ්වවිද්‍යාලවල තීරණ ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කරද්දී නිතර කියැවෙන කතාවක් බව මගේ මිත්‍රයෙක් කිව්වා. මේ කතාවෙන් කියැවෙන හරය තමයි තීරණයක් ගත යුතු තැන්වලදී ඔබ වහාම එම තීරණය නොගත්තොත් ඔබ වෙනුවෙන් අනෙක් අය ඒ තීරණය ගන්නවා. මේකටම ගැළපෙන සිංහල කතාවක් තියෙනවා. ඒක තමයි ඔබ ගතයුතු තීරණ නිසි වෙලාවට නොගත්තොත් ඒ තීරණය ඔබේ බිරිය ගන්නවා ඇති. ඔබේ බිරිය ගත යුතු තීරණ නිසි වෙලාවට නොගත්තොත් ඔබේ නැන්දම්මා ඒ තීරණය ගන්නවා ඇති. මේ ලෙස නැන්දම්මා තීරණ ගැනීම මුළු ගෙදරම පරිපාලනය අවුල් කරන්නට හේතු වෙනවා ඇති.
ආයතනවලටත් මේ තත්ත්වය එකසේම අදාළයි. ආයතනයක නායකයෙක්, සභාපතිවරයෙක් තමන් ගත යුතු තීරණ නිසි වෙලාවට නොගන්නවා නම් ඒ තීරණ ඔවුන්ට පහළින් සිටින විධායක නිලධාරීන් සහ කළමනාකරුවන් ගන්නවා.

ඒක ආයතනයක ප්‍රධානියකුට කිසි ලෙසකින්වත් ගැළපෙන්නේ නෑ. කළමනාකරුවකු ගත යුතු තීරණ ඔවුන් නොගෙන සිටියොත් විධායක නිලධාරීන් විසින් ඒ තීරණ ගනු ලබනවා. විධායක නිලධාරීන් ගතයුතු තීරණ නිසි වෙලාවට නොගත්තොත් පහළින් ඉන්න කම්කරුවන්, රියැදුරන් වැනි සේවකයන් ඒ තීරණ ගන්නවා. එය ආයතනයක කළමනාකාරිත්වය සම්පූර්ණයෙන්ම අකර්මණ්‍ය කරන්න, අවුල් කරන්න හේතුවෙනවා. මේ නිසා අපි ආයතනික වශයෙන් වගේම පෞද්ගලික වශයෙනුත් සිහි තබා ගත යුතු වැදගත්ම දෙය තමයි 'ඔබ ගත යුතු තීරණ පමා නොකර ඔබම ගත යුතුයි' කියන කාරණය.
කළමනාකරණ විශේෂඥයන් තීරණ ගැනීමේදී අI ‍යයනය කළ යුතු කරුණු හතරක් පෙන්වාදී තිබෙනවා.

I - තීරණ ගැනීමේ අවශ්‍යතාව මොකක්ද?
I I - මේ තීරණයෙන් බලාපොරොත්තු වන ප්‍රතිඵලය මොනවගේ එකක්ද....?
I I I - මේ තීරණය ක්‍රියාත්මක කිරීමේදී අතරමඟදී මුහුණදීමට සිදුවිය හැකි අභියෝග මොනවද?
I V - ඒ අභියෝගවලට මුහුණදී සාර්ථකව තීරණය ජය ගන්නා ආකාරය.
මෙන්න මේ කරුණු හතර පිළිබඳ ඔබ දැනුවත් නම් හා යායුතු අවසන් ඉලක්කය සම්බන්ධයෙන් ඔබ දැනුවත් නම් තීරණ ගැනීම කිසි ලෙසකින්වත් කල් දැමිය යුතු නෑ. එතකොට තීරණයක් ගැනීමේ අනුපිළිවෙළ කුමක්ද....? ඒ පිළිබඳවත් ආර්ථික විශේෂඥයන් කරුණු දක්වා තිබෙනවා.
I - වැදගත් තීරණ මුලින්ම ගත යුතුයි.

I I - තරමක් වැදගත් තීරණ දෙවැනියට ගත යුතුයි.
I I I - වැදගත් නොවන තීරණ තෙවනුව ගත යුතුයි.
මේක තමයි තීරණ ගැනීම සම්බන්ධයෙන් පිළිගන්න අනුපිළිවෙළ. නමුත් මේ සියල්ලටම වඩා වැදගත් අවස්ථාවක් තීරණ ගැනීමේදී පෙන්වා දෙන්න පුළුවන්.
නායකයකුට වඩාත්ම අපහසු වන්නේ දුෂ්කර හා වේදනාකාරී තීරණ ගැනීම.

දුෂ්කර හා වේදනාකාරී තීරණ ගැනීම නිවෙසේ ප්‍රධානියා වන තාත්තා කෙනකු මුහුණ දෙන බරපතළ අභියෝගයක්. උදාහරණයක් විදියට තමන් අකැමැති විවාහයක් වෙනුවෙන් අනුමැතිය දීම හෝ නොදීම සම්බන්ධයෙන් පියෙකුට දුෂ්කර තීරණයකට එන්න සිදුවෙනවා. ආයතනයක් ඇතුළෙත් ආයතන ප්‍රධානීන්ට අපහසු වගේම වේදනාකාරී තීරණ ගන්න සිදුවෙනවා. උදාහරණයක් හැටියට ආයතනික වැටුප් කප්පාදුව කියන්නේ නායකයකු ගත යුතු හරි අමාරු තීරණයක්. ඊළඟට ආයතනයේ සේවකයන්ගේ වරප්‍රසාද කප්පාදුවත් දුෂ්කර තීරණයක්. උසස්වීමක් ලබාදීමේදී එක හා සමාන දක්‍ෂතා ඇති අය අතරින් එක් අයකු තෝරා ගැනීමත් අතිශය අසීරු තීරණයක්.
ඉතිහාසයේ දුෂ්කර හා අමාරු - තීරණ ගත්ත නායකයන් පිළිබඳ උදාහරණ කීපයක් තියෙනවා. එකක් තමයි එංගලන්ත අගමැති මාග්‍රට් තැචර් ඇගේ පාලන කාලය තුළ ආකර සේවකයන් සිදුකළ වැඩවර්ජනය අවස්ථාවේ එම වර්ජකයන් සමඟ සාකච්ඡා නොකිරීමට තීරණය කිරීම.

ඒ වගේම 1979 කාලේ ආර්ජන්ටිනාව පෝක්ලන්ත දූපත අල්ලාගත් වෙලාවේ තැචර් කිසිම පැකිළීමකින් තොරව ආර්ජන්ටිනාවට විරුද්ධව යුද්ධ ප්‍රකාශ කරලා පෝක්ලන්තය අල්ලගත්තා. ගැහැනියක් හැටියට ඇය තීරණ ගැනීමේදී පසුබට වුණේ නෑ. ඊළඟට අපේ රටෙන් උදාහරණ ගන්නවා නම් 2006 වගේ කාලෙදී ශ්‍රී ලංකා ආණ්ඩුව සාම සාකච්ඡා බිඳවැටී තිබුණ මොහොතක යුද්ධයෙන් මේ සටන පරාජය කළ යුතු බවට ගත් තීරණය. ඒ අමාරු තීරණය අවසානයේ ජයග්‍රහණය කරා ගියා. මේ තීරණ සම්බන්ධයෙන් කොයිතරම් විවේචන එල්ල වුණත් තීරණය ගත යුතු අවස්ථාවේ නොපැකිළව එම තීරණය ගැනීම ඉතාම වැදගත්. තීරණ ගැනීමට පසුබට නොවීම නායකයකු සතු උදාර ලක්‍ෂණයක්. ඒ තීරණයේ ප්‍රතිඵල බොහෝදුරට හොඳ වෙන්න පුළුවන්. ඒ වගේම නරක වෙන්නත් පුළුවන්. ඒත් වැදගත්ම දේ කල් නොයවා ගත යුතු තීරණය ගැනීම.

හැම කෙනකුටම වැටුප් වැඩිවීමක් අවශ්‍යයි. ඒත් අපි කවුරුවත් මහන්සිවී වැඩ කරන්න තීරණයක් අරගෙන නෑ. අපි හැම කෙනෙක්ම උසස්වීමකට කැමැතියි. ඒත් අසාමාන්‍ය නායකත්ව ලක්‍ෂණ ආයතනය තුළ පෙන්වන්න අපි තවම තීරණය කරලා නෑ. අපි තීරණයක් ගත්තොත් යන්න පුළුවන් දුර අනන්තයි අප්‍රමාණයි.




*පුවත් පතක් ඇසුරිනි
Read more...

මැන්ඩෙලාගේ රුවන් වැකි 10








1. ඇමරිකාව හරි බ්‍රිතාන්‍ය හරි මැතිවරණ පවත්වන විට ඔවුන්  අප්‍රිකාවෙන් හා ආසියාවෙන් නිරීක්ෂකයන් ඉල්ලන්නෙ නැහැ. ඒත් අපි මැතිවරණ පවත්වන විට ඔවුන් නිරීක්ෂකයන් ඉල්ලනවා.

2. විශාල කන්දක් මුදුනට නැග්ගාම තමයි, තවත් නැගීමට කඳු ගොඩක් තියෙන බව.

3. ලෝකය වෙනස් කිරීමට පාවිච්චි කළ හැකි බලවත් ම ආයුධය අද්‍යාපනයයි.

4. ඔබ යමකුට තේරෙන භාෂාවකින් කතා කළොත් එය ඔහුගේ මොළයට යනවා. ඒත් ඔබ ඔහුගේ භාෂවෙන් කතා කළොත් එය යන්නේ ඔහුගේ හදවතටයි.

5. නිදහස් වීමට නම් අතේ පයේ ඇති විලංගු කඩා බිඳ දැමීමෙන් විතරක් බැහැ. අනෙක් අයගේ නිදහසට ගරු කරන හා ඒ නිදහස අගයන, ජීවිතයක් ගත කළ යුතුයි.

6. අනෙක් අය ඉදිරියට දමා තමා පසුපසින් සිට නායකත්වය දීම තමා වඩාත් හොඳ, විශේෂයෙන් ජයග*්*රහණය සමරන විට හා හොඳ දේ සිද්ධ වෙන කොට. අනතුරක් අවදානමත් ඇති විට ඔබ ඉදිරියට යායුතුයි. ජනතාව ඔබ අගය කරන්නේ එවිටයි.

7. යමක් හැම විට ම කළ නොහැක්කක්, එය කර නිම කරන තෙක්.

8. හොඳ ඔළුවක් හා හොඳ හදවතක් හැම විට ම පැරද විය නොහැකි සවිමත් සබඳතාවක්.

9. සමාජයක ආත්මය හෙළිදරවු කර ගත හැකි හොඳම මග ඔවුන් ළමුන්ට සලකන ආකාරය විමසීමයි.

10. සුන්දර දකුණු අපි*්*රකාවක් පිළිබඳ සිහින ඇත්නම් ඒ අරමුණුවලට ළඟා විය හැකි ඉලක්කත් තිබෙනවා. එහි යා හැකි මාවත් දෙකක් ලෙස කරුණාවන්තකම හා සමාව දීම නම් කළ හැකියි.
Read more...

මේ ටික සිතට ගන්න !!!


දෙමාපියන්ගේ වගකීම විය යුත්තේ තම දරුවන් සඳහා මාර්ගයක් කපා පෙන්වීම නොව, මාර්ග දැක්වෙන සිතියමක් ලබාදීම යන අදහස වසර ගණනාවකට පෙරදී මා කියවා ඇත.එහෙයින් මගෙ පුත් ඇඩම්, විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා පිටව යන අවස්ථාවේදී ඔහුට මගෙන් ලැබිය යුතු උපදෙස් යැයි මට සිතුණු දෑ රළු කඩදාසි පොතක සටහන් කොට තැබීමි. මවත් මාත් විශ්වවිද්‍යාල නේවාසිකාගාරයට ඇඩම් ඇරලවා එන අවස්ථාවේදී මේ රළු කඩදාසි පොත ඇඩම්ට භාර දුනිමි.
Read more...

තම පුතුගේ පාසල් විදුහල්පති වරයාට ඒබ්‍රහම් ලින්කන් යැවූ ලිපිය

ඇමරිකා එක්සත් ජනපදයේ 16 වන ජනාධිපතිවරයා(1861-1865) වූ ඒබ්‍රහම් ලින්කන් ලොව මෙතෙක් සිටි ශ්‍රේෂ්ඨ රාජතාන්ත්‍රිකයන් අතරින් එක් අයෙකි.මෙම ලිපිය මගින් කිසිවකුට ද්වේෂ නොකලාවූද, සියල්ලන් කෙරෙහි කාරුණික වූද පුද්ගලයකු සංකේතවත් වේ

"සියලුම මිනිසුන් සාධාරණ  නොවන බවත්, සියලුම මිනිසුන් අවංක නොවන බවත් ඔහුට ඉගෙන ගැනීමට තිබෙන බව මම දනිමි. එහෙත් හැම තක්කඩියෙකුටම වීරයකුත්, හැම ආත්මාර්ථකාමී දේශපාලඥයෙකුටම කැප වූ නායකයකුත් ඉන්නවාය යන කාරණයත් ඔහුට උගන්වන්න."
"සෑම හතුරෙකුටම මිතුරකු ඉන්නා බව ඔහුට උගන්වන්න. ඒ සඳහා කාලයක් යන බව මම දනිමි. එහෙත් හැකිනම් ඔහුට උගන්වන්න. උපයා ගත් ඩොලරයක් අහුලාගත් ඩොලර් පහකට වඩා ඉතා වටිනා බව ඔහුට උගන්වන්න. ඔබට හැකිනම් ඊර්ෂ්‍යාවෙන් ඔහුව මුදවා ගන්න. නිහඞව සිනාසීමේ රහස ඔහුට කියාදෙන්න. වඩාම පහසුවෙන් යටත් වන්නේ චණ්ඩියන් බව ඔහුට කල් නොයවා ඉගෙනීමට ඉඩ සලස්වන්න. ඔබට හැකිනම් ඔහුට උගන්වන්න පොත්වල අසිරිය. එහෙත් අහසේ සරන සියොතුන්ගේ, හිරු එළියේ සරන විහඟුන්ගේ හා නිල්වන් කඳුකරයේ පිපෙන මල් වල අසිරිය ගැන සිතන්නට ඔහුට නිසංසල කාලය ලබා දෙන්න."
"අනුනව රවටනවාට වඩා පරාජය ඉතා ගෞරවනීය බව ඔහුට පසලේදී කියා දෙන්න. හැම දෙනාම වැරදි යය් කීවත් තමන්ගේම අදහස් ගැන විශ්වාසය තබන්න ඔහුට උගන්වන්න. අනුන්ගේ අදහස් වලට වහල් නොවී ස්වධීනව සිතීම සඳහා ශක්තිය මගේ පුතාට ලබා දෙන්න. සියලුම මිනිසුන්ට සවන් දීමට ඔහුට උගන්වන්න. එහෙත් එසේ අසන සියල්ල සත්‍ය නැමැති රෙදිකඩකින් පෙරන්නටත්, ඒ තුලින් එන හොඳ දේ පමණක් ගැනීමටත් ඒ සමග ඔහුට උගන්වන්න."
"ඔබට හැකිනම් ඔහුට උගන්වන්න, දුකේදී සිනසෙන්නෙ කෙසේද කියා. කඳුල ලැජ්ජාවට කරුණක් නොවන බව ඔහුට උගන්වන්න. හැම දේකම වැරදි සොයන්නන්ට සමච්චල් නොකොරීමටත්, වැඩි ඇඟුලුම් කමින් ප්‍රවේශම් වීමටත් ඔහුට උගන්වන්න. සිය ශ්‍රමයත් දැනුමත් ඉහළම ඉල්ලුම් කරුවන්ට අලෙවි කිරීමට ඔහුට උගන්වන්න. එහෙත් කිසිදා සිය හදවතට හා ආත්මයට මිලක් නියම කිරීමට ඔහුට උගන්වන්න එපා. රංචු ගැසී බෙරිහන් දෙන ප්‍රකෝපකාරීන්ගේ හඬට සවන් නොදීමටත්, තමන් හරියැය් සිතන දේ වෙන් වෙන් නැගී සිට සටන් කිරීමට ඔහුට උගන්වන්න."
"ඔහුට කරුණාවෙන් සලකන්න. එහෙත් ඔහුව හුරතල් නොකරන්න, මන්දයත් ගිනි උඳුන තුල පදම් නොකර ඉස්තරම් වානේ සෑදීමට නොහැකි නිසාය. නොඉවසිලිවන්ත වීමට අවශ්‍ය ධෛර්‍ය ඇති කර ගැනීමට ඔහුට ඉඩ දෙන්න. එඩිතර බව සඳහා අවශ්‍ය ඉවසිලිවන්ත කම ඇති කර ගැනීමට ඔහුට ඉඩ දෙන්න. තමන් කෙරෙහිම භක්ත්‍යාදරයක් ඇති කර ගැනීමට ඔහුට උගන්වන්න. මන්දයත් එවිට මුළු මනුෂ්‍ය වර්ගයා කෙරෙහිම භක්ත්‍යාදරයක් ඔහු තුල හට ගන්නා බැවිනි".
Read more...